මිනුම් උපකරණ



මිනුමකට විශාලත්වයක් හා ඒකකයක් ඇත. භෞතික රාශී වල මිනුම් විශාල පරාසයක්තුල විහිදී අත.
  උදා :-
  •  දිග මැනීමේදී ඉතා කුඩා අගයන්හි සිට ඉතා විශාල අගයන් දක්වා විවිධ මිනුම් නිරීක්ෂණය කලහැක. (උප පරමාණුක අංශුවේ සිට විශ්වයේ නිරීක්ෂණය කරන ලද ඈතම දුර දක්වා).

    උප පරමාණුක දුර     : 10-15 m
පෘථිවි නිරීක්ෂණ දුර      : 1027 m

  •  කාලය මැනීමේදී ද ඉතා කුඩා හා ඉතා විශාල අගයන් නිරීක්ෂණය කලහැක.
10-27s සිට 1018 s දක්වා 
  • ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධයේ සිට මන්දාකිණියක ස්කන්ධය දක්වා 
10-31kg සිට 1040kg දක්වා මිනුම් නිරීක්ෂණය කලහැක.

මිනුමක් ලබා ගැනීමේදී අවශ්යයතාවයට ගැලපෙන පරිදි වඩාත් ගැලපෙන මිනුම් උපකරණයක් තෝරාගැනීම වැදගත්වේ.


මිනුම් උපකරණවල දැකිය හැකි දෝෂ 
  • ඒකාංග දෝෂ
                        වැරදිලෙස ක්‍රමාංකනය කරන ලද මාපකයේ වැරදි ලෙස සලකනු කර ඇති ශුන්‍යය සලකුණ හෝ සෙමෙන් ක්‍රියා කරන විරාම ගටිආව වැනි දෝෂ සහිත උපකරණ නිසා මෙය සිදුවේ. 
  • අහබු දෝෂ
                         මේ දෝෂ වල තරම පරීක්ෂණය කරන්නා ට උපකරණ හොදට පරිහරණය කල හැකිද යන්න රදා පවතී පරීක්ෂණය කරන්නා එය හොදින් සිදු කරනවානම් අහභ් දෝෂ කුඩාවේ. මෙවැනි දෝෂයක් මගහරවා ගැනීම සදහා පාඨාංක ගණනාවක් ලබාගෙන ඒවායේ මධ්‍යනය ගැනීමේ දී සමස්ත දෝෂය අඩුවේ.

උපකරණයක් කුඩාම මිනුම
                    මිනුම් උපකරණයක පරිමාණයක් ඇති අතර එයටම ආවේනික වු කුඩා මිනුමක් ද ඇත. උදාහරණ වශයෙන් මීටර් රූලෙහි කුඩාම මිනුම 1mm නිසා මීටර් රූල භාවිතයෙන් වඩා නිරවද්‍යය තාවයකින් යුතු මිනුම් අපීක්ශාකල නොහැක වඩා නිවැරදි මිනුම් ලබා ගැනීමටනම් උපකරණයේ කුඩාම මිනුම අවම අගයක් වන පරිදි තොරාගතයුතුය.
  • m රූලක් භාවිතයෙන් ලබාගත මිනුමක් නොවන්නේ
  1. 17.3cm
  2. 18.5cm
  3. 18.15cm
  4. 0.1m
මිනුමක් ගැනීමේ දී සිදුවිය හැකි උපරිම දෝෂය = උපකරණයේ කුඩාම මිණුම

මිණුමක් දක්වන සම්මත ක්‍රමය.
  • මිණුමක් ප්‍රකාශ කිරීමේදී එම උපකරණය මගින් සිදුවිය හැකි දෝෂය සහිතව දැක්වීම සම්මත ක්‍රියාවලියකි.
උදා:- m කොදුවකින් ලබාගත මිනුම 205mm වේ. මෙම දෝෂ සහිතව මෙලෙස දැක්විය හැකිය
            205 ± 1 mm වේ 
මිනුමක් දෝෂය සහිතව දැක්වීම.
            මිණුම ± උපකරණයේ කුඩාම මිනුම   

  •  දෝෂය සංසන්දනය කිරීමේදී නිරපේක්ෂ දෝෂය ,භාගික දෝෂය ,ප්‍රතිශත දෝෂය භාවිතයට ගනු ලැබේ.
 උදා:- 200 ± 1 mm මිනුම සදහා 

නිරපේක්ෂ දෝෂය = 1mm

      භාගික දෝෂය = 1/200
                                      = 0.005 


     ප්‍රතිශත දෝෂය =1/200 × 100%
                                       = 0.5% 
  •   මිනුමක නිරවද්‍යය තාවය ප්‍රමාණවත් එකක් ලෙස සලකනු ලබන්නේ ප්‍රතිශත දෝෂය 1% වඩා අඩුවූ විටය (<= වු විට ) 10cm වඩා කුඩා මිනුම් ලබා ගැනීමේ දී m රූලකින් ලැබෙන නිරවද්‍යය තාවය අඩුවේ.එවැනි අවස්ථාවකදී දිග දිග මැනීම සදහා වර්නියර් මුල දර්මය හෝ ස්කුරුප්පු මුඋල දර්මය ඇසුරෙන් තනා ගත පරිමාන සහිත උපකරණ තෝරා ගත යුතුය.

වර්නියර් කලිපරය


                         වර්නියර් කලිපරයක අචල සහ සචල යන ප්‍රධාන කොටස් දෙකක් ඇත මෙහි අචල කොටසට සම්බන්ද වු ප්‍රධාන පරිමාණයක් ඇත සචල කොටසට සම්බන්දවූ වර්නියර් පරිමානයක් හා ගැඹුර මනින කුඋරක් දක්නට ලැබේ.



උපකරණයේ කුඩාම මිනුම ලබා ගැනීම 


කුඩා මිනුම = ප්‍රධාන පරිමානයේ කොටසක දිග  - වර්නියර් පරිමාණය ප්‍රධාන පරිමාණය මත සමපාත කොටස් ගණන
                                                                                                           වර්නියර් පරිමානයේ කොටස් ගණන 


  • වර්නියර් පරිමාණයක ප්‍රධාන පරිමානයේ එක කොටසක දිග 1mm වේ. වර්නියර් පරිමානයේ කොටස් 10 සමග ප්‍රධාන පරිමානයේ කොටස් 9 සමග සමපාත වේනම් උපකරණයේ කුඩා මිනුම ලබා ගනීම.
 කුඩාම මිනුම = 1mm - 9 /10
                          = 1mm -0.9
                          = 0.1 mm 
 

වර්නියර් කලිපරයකින් ලැබෙන පාඨාංකය කියවීම.
  • වර්නියර්කලිපරයකින්ලැබෙන පාඨාංකය කියවීමේදී ප්‍රධාන පරිමාණය කියවීම හා වර්නියර් පරිමාණය කියවීම යන සාධක දෙකම සැලකිල්ලට ගතයුතුවේ.
 පාඨාංකය = සමපාත වූ කොටස් ගණන × කුඩාම  මිනුම +ප්‍රධාන පරිමානයේ කොටස් ගණන 


  • වර්නියර් පරිමානයේ සමාන කොටස් 10 ප්‍රධාන පරිමානයේ කොටස් 19 සමග සමපාත වී ඇත උපකරණයේ ප්‍රධාන පරිමානයේ කොටසක් 1mm දිගනම්  කුඩාම මිනුම හා පාඨාංකය කියවීම.

 කුඩාම මිනුම = 1mm - 9 /10
                          = 1mm -0.9
                          = 0.1 mm

 පාඨාංකය = 8 × 0.1 + 0
               = 0.8 + 0
               = 0.8mm


නිරපේක්ෂ දෝෂය = 0.1 mm

භාගික දෝෂය = 0.1/0.8 (භාගික දෝෂය  භාගයක් ලෙස තිබිය හැක )
                          
ප්‍රතිශත දෝෂය =0.1/0.8 × 100%
                                       = 12.5%

උපකරණයේ මුලාංක දෝෂ
  • උපකරණයේ දෝෂයක් වන මෙය + මුලාංක දෝශයක් හෝ - මුලංක දෝෂයක් ලෙස හදුන්වා දියහැකිය.
+ මුලංක  දෝෂ
  • උපකරණයෙන් මිනුමක් ගැනීමට පෙර එම උපකරණය දෝෂ සහිතද , නැතිදයන්න සොයා බැලීම වැදගත්වේ + මුලංක දෝෂයක්යනු එම දෝෂය සහිත උපකරනෙන් ලබා ගන්නාවූ මිනුමක් නිවැරදි භාවය වැඩිකර ගැනීම සදහා දෝෂය මත පදනම්වූ යම්කිසි  අගයක් අඩුකළ යුතුය . එනම් පාවිච්චි කිරීමට පෙර ප්‍රධාන පරිමානයේ ශුන්‍යය දකුණු  පසින්  වර්නියර් පරිමාණය පිහිටන අවස්ථාවේ .


- මුලංක  දෝෂ
  •  - මුලංක දෝෂයක්යනු එම දෝෂය සහිත උපකරනෙන් ලබා ගන්නාවූ මිනුමක් නිවැරදි භාවය වැඩිකර ගැනීම සදහා දෝෂය මත පදනම්වූ යම්කිසි  අගයක් එකතු යුතුය . එනම් පාවිච්චි කිරීමට පෙර ප්‍රධාන පරිමානයේ ශුන්‍යය වම්  පසින්  වර්නියර් පරිමාණය පිහිටන අවස්ථාවේ .

Related Posts

Post a Comment