හැදින්වීම
කිසියම් වස්තුවක් මත බාහිර බලයක් යෙදූ අවස්ථාවක් සලකමු.
වස්තුව මත බාහිර බලයක් යෙදූ විට එම වස්තුවේ හැඩය වෙනස් වන්නේ ද, බාහිර බලය ඉහත් කළ විට වස්තුව නැවත ස්වභාවික හැඩය කරා පැමිණේ යැයි ද සිතමු. මෙසේ බාහිර බලය ඉවත් කළ විට වස්තුව නැවත ආරම්භක හැඩය කරා පැමිණීමේ ගුණය ප්‍රත්‍යාස්ථ ගුණය ලෙස හදුන්වයි.
ද්‍රව්‍යයන්ගේ පවතින මෙම ප්‍රත්‍යාස්ථ ගුණය පිළිබදව මෙම කොටසේ දී සාකච්ඡා කරමු.
දෘඩ ලෙස එල්වා ඇති සිහින් වානේ කම්බියක් සලකමු. එහි පහළ කෙලවරෙන් 10N ක බදු භාරයක් එල්ලූ විට වානේ කම්බියෙහි දිග සුළු වශයෙන් වැඩිවන බවත්, නැවත 10N ක භාරය ඉවත් කළ විට වානේ කම්බිය නැවත ආරම්භක හැඩය (ආරම්භක දිග) කරා පැමිණේ නම්, ශුන්‍යයේ සිට 10N දක්වා වූ භාර සදහා කම්බිය ප්‍රත්‍යාස්ථ යැයි කියනු ලැබේ.
සිහින් වානේ කම්බිය පහළින් 20N බදු භාරයක් එල්ලූ විට කම්බියේ දිග වැඩිවන අතර, නැවත 20N භාරය ඉවත් කළ විට සිහින් වානේ කම්බිය නැවත ආරම්භක හැඩය (ආරම්භක දිග) කරා පැමිණේ නම්, වානේ කම්බිය යටත් පිරිසෙයින් ශුන්‍යයේ සිට 20N තෙක් වූ භාරයන් සදහා ප්‍රත්‍යාස්ථ යැයි කියනු ලැබේ.
ප්‍රත්‍යාස්ථතාව පිළිබද හුක් නියමය
හරස්කඩ වර්ගඵලය A හා දිග L වන කම්බියක කෙළවරකට ලම්බකව F බලයක් යොදා ඇති අවස්ථාවක් සලකමු.
e - විතතිය
L - ආරම්භක දිග
කම්බිය මත යොදා ඇති F බලය නිසා
කම්බියේ දිග වැඩි වීමක් සිදුවෙයි. මෙවිට ඇතිවන ප්‍රත්‍යාබලය හා වික්‍රියාව
ආතන්‍ය ප්‍රත්‍යාබලය හා ආතන්‍ය වික්‍රියාව ලෙස හදුන්වයි. හුක් නියමය
සමානුපාතික සීමාව තුළ ප්‍රත්‍යාබලය වික්රියාවට අනුලෝම ලෙස සමානුපාතික වෙයි.A - හරස්කඩ වර්ගඵලය
යංමාපාංකයේ ඒකක හා මාන
ප්‍රත්‍යාස්ථතාව පිළිබද හුක් නියමයෙන් ලද ප්රකාශනය සලකමු.
බලයේ මාන (F) = MLT-2
හරස්කඩ වර්ගඵලයේ මාන (A) = L2
විතතියේ මාන (e) = L
දිගෙ හි මාන (L) = L
වික්‍රියාව යනු දිගවල් දෙකක අනුපාතයක් නිසා වික්‍රියාව සදහා මාන නොපවතී. එනම් යංමාපාංකයේ මාන ඉහත සමීකරණයට අනුව ප්රත්යාබලයේ මාන වලට සමාන වේ.
එමනිසා යංමාපාංකයේ මාන ML-1T-2 වේ.
ඇදි කම්බියක ගබඩාවන ශක්තිය
කම්බියක විතතිය යනු එහි අණු මධ්‍යන්‍ය හෙවත් සාමාන්‍ය පිහිටීම් වලින් විස්ථාපනය වීම නිසා සිදුවන්නකි. ප්‍රත්‍යාස්ථතාව පිළිබද හුක් නියමයට අනුව ලෝහයේ අණුවක් එහි මධ්‍යන්‍ය පිහිටීමෙන් සුළු වශයෙන් විස්ථාපනය වූ විට, එය මත යෙදෙන බලය එම විස්ථාපනයට සමානුපාතික වෙයි. ප්‍රත්‍යාස්ථ සීමාව තෙක් ඇදි තන්තුවක් විසින් අත්කර ගනු ලබන හෙවත් ගබඩාවන ශක්තිය අණුක විභව ශක්තිය ලෙස හදුන්වයි. භාරය ඉවත් කළ විට එම ශක්ති ප්‍රමාණය නැවත ලැබේ.ඇදි කම්බියක ගබඩාවන ශක්තිය
දිග L වූ කම්බියක එක් කෙළවරකට ලම්බකව F බලයක් යොදා ඇති අවස්ථාවක් සලකමු.ඒ අනුව කම්බියේ ඇතිවන බලයේ විශාලත්වය ශුන්‍යයේ සිට F දක්වා ඒකාකාරව වැඩිවී ඇත.
කම්බිය e ප්‍රමාණයකින් දිග වැඩිවීම නිසා කම්බියේ ගබඩා වී ඇති ශක්තිය E නම්,
F - යෙදූ බලය
e - විතතිය
සංකෝචනය හෝ ප්‍රසාරණය නිසා දණ්ඩක බලය හා ශක්තිය
ආධාරක දෙකක් අතර රදවා ඇති දණ්ඩක් සලකමු. දණ්ඩ හා ආධාරක අතර හිස් අවකාශයක් නොමැත.
L - දණ්ඩේ ස්වභාවික දිග
A - දණ්ඩේ හරස්කඩ වර්ගඵලය
දණ්ඩ දැන් ඒකාකාරව රත් කරනු ලැබේ. මෙවිට දණ්ඩේ උෂ්ණත්වය වැඩිවීම θ ලෙස සලකමු. දණ්ඩේ උෂ්ණත්වය θ වලින් ඉහළ යෑම නිසා දණ්ඩ ප්‍රසාරණය වන අතර එහි සිදුවන දිගෙහි වැඩිවීම හෙවත් විතතිය e නම්,
L - දණ්ඩේ ස්වභාවික දිග
α - දණ්ඩේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය
θ - උෂ්ණත්ව අන්තරය
දණ්ඩ e ප්‍රමාණයකින් දිග
වැඩිවීමේ දී, ආධාරකය හා දණ්ඩ අතර හිස් අවකාශයක් නොමැති බැවින් දැන් දණ්ඩේ
කොන් වලදී සැලකිය යුතු තරම් බලයක් හටගනී. මෙම හටගන්නා බලය F ලෙස සලකමු.
ප්‍රත්‍යාස්ථතාව පිළිබද හුක් නියමයෙන්,
A - දණ්ඩේ හරස්කඩ වර්ගඵලය
Y - දණ්ඩේ යංමාපාංකය
α - දණ්ඩේ රේඛීය ප්‍රසාරණතා සංගුණකය
θ - උෂ්ණත්ව අන්තරය
දණ්ඩ මත ලම්බකව යෙදෙන F බලයක් හා ඊට අදාල e විතතියක් ඇති විට එය මත ශක්තියක් ගබඩා වේ. මෙසේ දණ්ඩේ ගබඩා වන ශක්තිය E නම්,
Post a Comment