භ්‍රමණ චලිතය හා වෘර්ත චලිතය

භ්‍රමණ චලිතය
*කෝණික විස්ථාපනය (θ) යනු භ්‍රමණය වන වස්තුවක් ගෙවා යන කොන්යය්.
*එහි ඒකක rad වේ.
*කෝණික ප්‍රවේගය)යනු භ්‍රමණය වන වස්තුවක් ඒකක කාලයකදී ගෙවා යන කෝණය හෝ කෝණික විස්තාපනය වෙනස් වීමේ සිඝ්‍රතවයි.
*එහි එක්ක rads -1 වේ.
*එය දය්ෂික රාශියකි.දිශාව සුරත් නීතිය මගින් ලබා දේ.
ω = θ / t
*භ්‍රමණ චලිතයක යෙදෙන වස්තුවක රේඛිය ප්‍රවේගය හා කෝණික ප්‍රවේගය අතර සම්බන්ධය,
V = r ω
*ආවර්ත කාලය(T) යනු එක් භ්ර්මනයක් සදහා ගත වන කාලයි.
ω = 2 π/ T
*සංඛ්‍යාතය(f) යනු තත්පරයකදී කරන භ්‍රමණ සංඛ්‍යාවයි.
àආවර්ත කාලය හා සංඛ්‍යාතය අතර සම්බන්ධය,
T = 1 / f
àකෝණික ප්‍රවේගය හා සංඛ්‍යාතය අතර සම්බන්ධය,
ω = 2πf
*කෝණික ත්වරණය(α) යනු ඒකක කාලයකදී සිදුවන කෝණික ප්‍රවේගයේ සිදුවන වෙනස් වීම හෝ කෝණික ප්‍රවේගය වෙනස්වීමේ සිඝ්‍රතාවය වේ.
*මෙහි ඒකක rads-1 වේ.මෙය දය්ශිකයකි.
α = Δ ω / t
*භ්‍රමණ චලිතයක යෙදෙන වස්තුවක රේඛේය ත්වරණය හා කෝණික ත්වරණය අතර සම්බන්ධය,
a = r α
භ්‍රමණ චලිත සමීකරණ
ආරම්භක කෝණික ප්‍රවේගය - ω0
අවසාන කෝණික ප්‍රවේගය - ω
කෝණික ත්වරණය - α
කෝණික විස්ථාපනය - θ
කාලය - t
ω = ω0 + αt
ω2 = ω02 + 2αt
θ = ω0t + ½ αt2
θ = 0 + ω)t / 2
*අවස්ථිති ඝුර්ණය යනු සලකන ලද වස්තුවක් යම් භ්‍රමණ චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්තයි.
*මෙය එහි ස්කන්ධය හා භ්‍රමණ අක්ෂයේ සිට ස්කන්ධ ව්‍යාප්තිය මත රදා පවතී.
I = mr2
*අවස්ථිති ඝුර්ණය අදිශයකි.ඒකක kgm2 වේ.
àඒකාකාර වස්තු කිහිපයක අවස්ථිති ඝුර්ණය,
වළල්ලක I = mr2
තැටියක I = ½ mr2
කුහර සිලින්ඩරයක I =  mr2
ඝන සිලින්ඩරයක I = ½ mr2
ඝන ගෝලයක I = 2/5 mr2
කුහර ගෝලයක I = 2/3 mr2
දණ්ඩක කේන්ද්‍රය වටා I = 1/12 ml2
දණ්ඩක කෙලවර වට I = 1/3 ml2
අවස්ථිති ඝුර්ණයේ යෙදීම්
*වාහනවල මෙන්ම සෙල්ලම් කාර්වල ජව රෝද භාවිතය
*සර්කස්  සංදර්ශන වලදී කබ මත චලනය වන්නේ දිගු රිටක් වැනි දෙයක් භාවිත කිරීම.
*ඒ දණ්ඩක් උඩින් ගමන් කරන විට දෑත් දෙපසට විහිදීම.
*ක්‍රිකට්,බේස් බෝල් බැට් වල එය අල්ලන ස්ථානයේ සිට ඇතට යන්න ස්කන්ධය ව්‍යාප්තිය වැඩි කර ගැනීම.
*වේගයෙන් දුවන සතුන්ගේ පාද සිරුරට සම්බන්ද ස්ථානයේ සිට පහලට යත්ම සිහින්ව සකස් කර තිබීම.
*ව්‍යවර්තය(τ) යනු වස්තුවක භ්‍රමණ චලිත ස්වභාවය වෙනස් කල හැකි බාහිර කරකයයි.
τ = Iα
*කෝණික ගම්‍යතාව(L) යනු රේඛිය ගම්‍යතවයේ ඝුර්නයයි.
L = Iω
*කෝණික ගම්‍යතාව දය්ශිකයකි.දිශාව කෝණික ප්‍රවේගයේ දිශාවයි.
*ඒකක kgm3rads-1 වේ.
*ව්‍යවර්තය කෝණික ගම්‍යතාව වෙනස්වීමේ සිඝ්‍රතවයයි.
τ = (Iω - Iω0)/t
කෝණික ගම්‍යතා සන්ස්තිති නියමය
*සලකන ලද වස්තු පද්දතියක යම් අක්ෂයක් වට බාහිර ව්‍යවර්තයක් ක්‍රියා නොකරය් නම් එම අක්ෂය වට වස්තු පද්දතියේ කෝණික ගම්ය්තව සංස්ථිතික වේ.
Iω = Iω0
භ්‍රමණ චාලක ශක්තිය
R.K.E = ½ Iω2
වස්තුවක පෙරලීම
*පෙරලෙන වස්තුවක යම් මොහොතකදී තලයත් සමග ස්පර්ශ ලක්ෂයේ ප්‍රවේගය ශුන්‍ය වේ.
*ඉදිරියට ඇදෙන ප්‍රවේගය එහි ගුරුත්ව කේන්ද්‍රයේ ප්‍රවේගයට සමාන වේ.
*පෙරලෙන වස්තුවක ලක්ෂයක ප්‍රවේගය ලබා ගැනීමට නම් එම ලක්ෂයේ ස්පර්ශිය හා රේකීය ප්‍රවේගය සොයා ඒවාහි සම්ප්‍රයුක්තය ලබා ගත යුතුය.
*පෙරලෙන වස්තුවක මුළු චාලක ශක්තිය,රේඛිය චාලක ශක්තියේත් භ්‍රමණ චාලක ශක්තියේත් එකතුවට සමාන වේ.
T.K.E = ½ mv2 + ½ Iω2
*රළු අනත තලයක් මත පෙරලෙන වස්තුන් සලකු විට අනත තලය පළමුව පැමිණෙන්නේ අවස්ති ඝුර්ණය අඩු වස්තුවයි.
*නියත ප්‍රතිවිරුද්ධ ව්‍යවර්තයක් යටතේ භ්‍රමණය වන වස්තුවකට අවශ්‍ය ක්ෂමතාව,
P = τω
*නියත ව්‍යවර්තයක් යටතේ වස්තුවක්  θ කෝණයක් භ්‍රමණය වන විට සිදු කෙරෙන කාර්යය,
W = τ θ
  වෘර්ත චලිතය
*වුර්ථ චලිතය යනු යම් ලක්ෂයකට නියත දුරකින් වූ පථයක චලිත වන වස්තුවක චලිතයයි.
කේන්ද්‍ර අභිසාරී ත්වරණය
*නියත වේගයකින් වුර්ථ පථයක චලිත වන වස්තුවක වේගය විශාලත්වය වෙනසක් නොවුනත් එහි දිශාව වෙනස් වන නිසා ත්වරණයක් පවතී.එම ත්වරණය වුර්ථ පථයේ කේන්ද්‍රය දෙසට එල්ල වී පවතී.
a = Vω = V2/r =rω2
*කේන්ද්‍ර අභිසාරී බලය යනු වුර්ථ පථයක චලිත වන වස්තුවකට කේන්ද්‍රය දෙසට ඇති බලයය්.
F = mV2/r
*කේන්ද්‍ර අපසාරී බලය යනු වුර්ථ පථයක චලිත වන වස්තුවක කේන්ද්‍රයෙන් ඉවතට විසි වීමක් සංවේදනය වන බලයි.
*සත්‍ය බලයක් නොවේ.වස්තුවට දැනෙන බලයකි.
*මෙය කේන්ද්‍ර අබිසරි බලයේ ප්‍රතික්‍රියාව නොවේ.

Related Posts

2 comments

Unknown said…
Good for us ❤️😘