ඒකක හා මිනුම්

ඒකක
ඒකක ප්‍රධාන ආක්කර 4 හදුන්වා දිය හැකිය.
1. මූලික ඒකක
                                 රාශිය                     ඒකකය                 සංකේතය 
  •                           දිග                          මීටර                              m
  •                 ස්කන්ධය                 කිලෝග්‍රෑම්                             kg
  •                      කාලය                       තප්පර                               s
  •           විද්‍යුත් ධාරාව                    ඇම්පියර්                              A
  •              උෂ්ණත්වය                   කෙල්වින්                              K
  •      දීප්ත තීවුර තාවය                කැන්ඩෙලා                             cd
  •      පධාර්ත ප්‍රමාණය                          මවුල                            mol
2. පරිපූරක ඒකක
  •          තල කෝණය                     රේඩියන                            red
  •         ඝණ කෝණය               ස්ටරේඩියන                               sr
3. ව්‍යුත්පන්න ඒකක
             ව්‍යුත්පන්න ඒකක සැදෙන්නේ මුලික ඒකක අනුසාරයෙනි සමහර ව්‍යුත්පන්න ඒකාක වලට විශේෂිත නාමයක් ඇත.
                     බලය = kg ×ms-2  = N
                   ශක්තිය = N × m    = J
 ආරෝපණ ප්‍රමාණය = C (කුලෝන්)

මේ ආකාරයෙන්  පරිමාව ,ප්‍රවේගය,ත්වරණය,කාර්යය ,ඝනත්වය  සහ පීඩනය යන ඒවායේ ඒකකද ව්‍යුත්පන්න ඒකක වේ.

4. ගුණාකාර ඒකක
     ඉතාවිශාල හා ඉතා කුඩා සංඛ්‍යාත්මක අගයන් සහිත මිනුම් භාවිතා කිරීමේ පහසුව සදහා ගුණාකාර ඒකක හදුන්ව දියහැකිය.


ගුණාකාරය
නම
සංකේතය
109
ගිගා
G
106
මෙගා
M
103
කිලෝ
k
10-1
ඩෙසි
d
10-2
සෙන්ටි
c
10-3
මිලි
m
10-6
මයික්‍රෝ
µ
10-9
නැනෝ
n
10-10
ඇන්ස්ට්‍රම්
A
10-12
පිකෝ
p


ගුණාකාර ඒකක භාවිතයේදී යම්කිසි මිනුමක සංඛ්‍යාත්මක අගය 0.1-1000 අතර පවතින ලෙස ගුණාකාර ඒකක දැක්විය යුතුය.

පහත දැක්වෙන මිනුම් වඩාත් ගැලපෙන ගුණාකාර ඒකක සහිතව ලිවිය හැකිය

1.   0.0002m                                2.  2100000 s
      0.2 × 10-3 m                               2.1 × 10-6s
      0.2mm                                        2,1ns

3.  200 × 10-6 m
     200 µm


 ඒකක පරිවර්තන 
  1.   2mm2, වර්ග මීටර වලින් දැක්වීම.
          2 × (10-3)2 
          2 × 10-6m2
   
     2.   4cm3 , ඝන මීටර වලින් දැක්වීම.
 
          4 × (10-2)3
          4 × 10-6m3
Newer Oldest

Related Posts

Post a Comment